තංගල්ලේ මනුෂ්‍ය ඝාතනයක්

තංගල්ලේ මනුෂ්‍ය ඝාතනයක්

තංගල්ල පොලිස් වසමේ මොරකැටිය ඉහළගොඩ ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහර දී පුද්ගලයෙකු ඝාතනය කොට ඇතැයි පොලීසිය කියයි.

මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 30 ක් වූ තේනබදුගේ දසුන් ලංකා ප්‍රසාද් නම් අයෙකු බව ද පොලීසිය කියයි.

ඊයේ රාත්‍රී 11.30.ට පමණ මොහු පහර කෑමට ලක්ව ඇති බවට තොරතුරු ලැබී ඇති අතර තුවාල කරු රෝහල් ගත කරන විටත් මිය ගොස් තිබුණු බවද පොලිස් ආරංචි මාර්ග සදහන් කරයි.

මරණකරුගේ දේහය නාකුළුගමුව රොහලේ තැන්පත් කර ඇති අතර, තංගල්ල පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.

Share This