ව්‍යාඝ්‍ර කූඩුවක තිබී පුද්ගල මළසිරුරක් හමුවෙයි

ව්‍යාඝ්‍ර කූඩුවක තිබී පුද්ගල මළසිරුරක් හමුවෙයි

පාකිස්තානයේ සත්වෝද්‍යානයක ව්‍යාඝ්‍ර කූඩුවක තිබී පුද්ගල මළසිරුරක් සොයාගෙන තිබේ.

එම සත්වෝද්‍යානයේ පිරිසිදු කිරීමේ සේවකයන් පිරිසකට අදාළ කුටියේ ව්‍යාඝ්‍රයෙකුගේ මුඛයේ තිබී පුද්ගලයෙකුගේ සපත්තුවක කොටසක් නිරීක්ෂණය වී ඇති අතර පසුව සිදුකළ සොයා බැලීමක දී එම කුටියේ තිබී පුද්ගලයෙකුගේ මළ සිරුරක් සොයාගෙන තිබේ.

අදාළ පුද්ගලයා කෙලෙස එම කූඩුවට ඇතුළු වූයේ ද යන්න සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරු අනාවරණය වී නොමැති අතර
මෙම මළ සිරුර පැය කිහිපයක් පරණ වූ එකක් විය හැකි බවට සත්වෝද්‍යානයේ පාලක මණ්ඩලය සඳහන්කර තිබේ.

එමෙන්ම මෙම පුද්ගලයා යම් මානසික රෝගයකින් පෙලෙන්නෙකු විය හැකි බවයි, ඔවුන් වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.

සිද්ධිය සම්බන්ධයෙන් එරට ආරක්ෂක අංශ වැඩිදුර විමර්ශන සිදු කරයි.

Share This