බෝධිසත්වයා කියූ පුද්ගලයා අද අධිකරණයට

බෝධිසත්වයා කියූ පුද්ගලයා අද අධිකරණයට

අත්අඩංගුවට ගැනුණු අවලෝකිතේෂ්වර බෝධිසත්ව නමින් පෙනී සිටිමින් බෞද්ධ දහමට නිගාවන ආකාරයේ දේශන පවත්වමින් සිටි මහින්ද කොඩිතුවක්කු නැමැත්තා අද (16) කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරී කණ්ඩායමක් විසින් මෙම පුද්ගලයා ඊයේ (15) පන්නිපිටිය ප්‍රදේශයේ නිවසක දී අත්අඩංගුවට ගැනුණා.

බලන්ගොඩ කාශ්‍යප හිමියන් විසින් සිදුකළ පැමිණිල්ලකට අනුවයි මෙම පුද්ගලයා මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ.

Share This