උඩරට මැණිකේ පීලි පනී – උඩරට මාර්ගයේ දුම්රිය ගමනා ගමනයට බාධා

උඩරට මැණිකේ පීලි පනී – උඩරට මාර්ගයේ දුම්රිය ගමනා ගමනයට බාධා

බදුල්ලේ සිට කොළඹ කොටුව දක්වා ධාවනය කල උඩරට මැණිකේ දුම්රිය අද (07) දින උලපනේ දුම්රිය ස්ථානයේදි පිලි පැනිම හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ගමනා ගමනයට බාධා පැමිණ ඇති බව නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය පවසයි .

උඩරට මැණිකේ දුම්රිය (07) දින දහවල් 12.30 ට පමණ පීලි පැනිමට ලක් ව ඇති අතර එම දුම්රියේ පසුපස එන්ජිම සහ පළමු පන්තියේ මැදිරි දෙකක් පිලි පැන ඇති බවයි දුම්රිය පාලක මැදිරිය කියා සිටියේ.

දුම්රිය පිලි පැනිමෙන් දුම්රිය මාර්ගයට දැඩි අලාභ හානි සිදු වි ඇති අතර පීලි පැන ඇති දුම්රිය පිලිගත කරන තෙක් උඩරට දුම්රිය මාර්ගයේ ගමන් ගන්නා මගින් නාවලපිටිය සහ ගම්පොල දුම්රිය ස්ථාන අතර ලංගම බස් රථ වලින් ප්‍රවාහන කිරිමට පියවර ගෙන තිබුණි.

Share This