ගම්බිම් බලා ගිය අයට කොළඹ එන්න දුම්රිය සහ බස් සේවා

ගම්බිම් බලා ගිය අයට කොළඹ එන්න දුම්රිය සහ බස් සේවා

ගම්බිම් බලා ගිය ජනතාවට යළි කොළඹට පැමිණීම සඳහා අද (15) සිට විශේෂ දුම්රිය කිහිපයක් ධාවනයට එක් කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

එළැඹෙන 17 වැනිදා දක්වා මෙය ක්‍රියාත්මක බව එම දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය ගමනාගමන අධිකාරි එන්.ජේ. ඉදිපොළගේ මහතා පැවසීය.

මේ අතර ගම්බිම් බලා ගිය ජනතාවට යළි කොළඹට පැමිණීම සඳහා අද සිට බස් රථ යොදවා ඇති බව ලංකා ගමනාගමන මණ්ඩලයේ ධාවන අංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී පණ්ඩුක ස්වර්ණ හංස මහතා පැවසීය.

අද දිනයේ 10%ක පමණ බස් රථ ප්‍රමාණයක් ධාවනයට එක් කරන බව ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න සඳහන් කළේය.

Share This