අණ නොතකා ධාවනය කළ මෝටර් රථයකට පොලිසියෙන් වෙඩි

අණ නොතකා ධාවනය කළ මෝටර් රථයකට පොලිසියෙන් වෙඩි

මන්නාරම – නාගපටුවාන් ප්‍රදේශයේ දී අණ නොතකා ධාවනය කළ මෝටර් රථයකට පොලීසිය වෙඩි තබා තිබෙනවා.

වෙඩි ප්‍රහාරයෙන් මෝටර් රථය පැදවූ පුද්ගලයාගේ පිට කොන්ද ප්‍රදේශයට තුවාල සිදු වී ඇති අතර ඔහු මේ වනවිට ප්‍රතිකාර සඳහා යාපනය ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති බවයි, පොලීසිය සඳහන් කළේ.

මේ වන විට ඔහු යාපනය රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටින බව සඳහන්.

ඊයේ (13) රාත්‍රී සිදුවූ මෙම වෙඩි තැබීමෙන් තුවාල ලබා ඇත්තේ 36 හැවිරිදි මන්නාරම – මුරුන්ගන් ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

 

Share This