දුම්රිය ආපනශාලා හදිසි පරික්ෂාවට

දුම්රිය ආපනශාලා හදිසි පරික්ෂාවට

දුම්රිය ආපනශාලා හදිසි පරික්ෂාවට ලක් කිරීමට මහජන පරීක්ෂකවරුන් තීරණය කර තිබේ.

පසුගියදා මීනගයා දුම්රියේ ආපනශාලාව පරීක්ෂා කිරිමේදී අපිරිසිදු ලෙස පවත්වාගෙන යන බවට නිරීක්ෂණය වීමත් සමග එම තීරණය ගත් බව ශ්‍රී ලංකා මහජන පරික්ෂකවරුන්ගේ සංගමයේ ලේකම් ශානක බෝපිටිය සඳහන් කළේය.

ඒ අනුව මීනගයා දුම්රියේ අපනශාලා මැදිරිය අධිකරණ නියෝගයක් මත තාවකාලිකව අත්හිටුවීමට පියවරගෙන තිබේ.

මේ අතර උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය යථා තත්ත්වයට පත්කර තිබේ.

දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේ, කඩිගමුව හා ඉහළ කෝට්ටේ අතර දුම්රියක් පීලී පැනීමෙන් ඊයේ රාත්‍රි දුම්රිය ධාවනයට බාධා එල්ල වූ බවයි.

පීලිපැන තිබූ දුම්රිය අද අලුයම පීලිගත කළ බව දුම්රිය පාලක මැදිරිය සදහන් කළේය.