මුහුදුබඩ මාර්ගයේ දුම්රිය කිහිපයක් අවලංගුයි – දුම්රිය ධාවනයත් ප්‍රමාදයි

මුහුදුබඩ මාර්ගයේ දුම්රිය කිහිපයක් අවලංගුයි – දුම්රිය ධාවනයත් ප්‍රමාදයි

මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල වී තිබේ.

කොළඹ කොටුවේ සිට මොරටුව දක්වා ධාවනය වෙමින් තිබූ දුම්රියක් කොල්ලුපිටිය සහ බම්බලපිටිය දුම්රිය ස්ථාන අතර කාර්මික දෝෂයට ලක් වීම ඊට හේතු වී තිබේ.

මේ හේතුවෙන් දුම්රිය රැසක් අවලංගු කිරීමට සිදුවූ බවත් ධාවනය කිරීමට නියමිත දුම්රිය ප්‍රමාද වන බවත් දුම්රිය දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පවසයි.

මෙම තත්ත්වය හේතුවෙන් තනි මාර්ගයේ දුම්රිය ධාවනය කිරීමට සිදුව ඇති බව ද වාර්තා වේ.

Share This