පෙම්වතා පැහැරගෙන ගිය හමුදා පෙම්වතිය ඇතුළු 4ක් අල්ලයි

පෙම්වතා පැහැරගෙන ගිය හමුදා පෙම්වතිය ඇතුළු 4ක් අල්ලයි

ප්‍රේම සබඳතාවයට පිටුපෑ තරුණයකු පැහැරගෙන යාම සම්බන්දයෙන් ලද පැමිණිල්ලක් අනුව ආරක්ෂක හමුදාවකට සම්බන්ධ තරුණියක ඇතුළු සිව්දෙනෙකු අද (05) අලුයම අත්අඩංගුවට ගත්බව පින්වත්ත පොලිසිය පවසයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ වාද්දුව ප්‍රදේශයේ පදිංචි සිව්දෙනෙකු බව පොලිසිය කීය.

සැකකරුවන් ඊයේ (04) පස්වරුවේ අළුබෝමුල්ල පින්වත්ත මාර්ගයේදී ත්‍රිරෝද රථයකින් පැමිණ පැහැරගෙන ඇති බවට තරුණයා සහ ඔහුගේ මව විසින් කළ පැමිණිල්ලක් අනුව සැකකරුවන් අත්අඩංගුවට ගත්බව පින්වත්ත පොලීසිය පවසයි.

පැහැරගැනීමට ලක්වූ තරුණයා සහ පැහැරගත් තරුණිය පෙම්වතුන්ව සිට ඇති බවත්, තරුණිය විවාහ කරගැනීම සඳහා තරුණයා අකමැත්ත පළ කිරීම හේතුවෙන් පැහැරගැනීම සිදුව ඇති බවට මූලික පරීක්ෂණ වලදී අණාවරණය වී ඇති බවත් පොලිසිය කීය.

තරුණයා පැහැරගෙන ගොස් පාළු නිවසක සඟවාගෙන සිට නැවත මුදාහැර ඇති බවද පොලිසිය පවසයි.

පැහැර ගැනීම සදහා සැකකරුවන් පැමිණි ත්‍රීරෝද රථය සහ රියදුරු සොයා තවදුරටත් පරීක්ෂණ සිදුකරන බව උසස් පොලිස් නිලධාරියෙක් කීය.

අත්අඩංගුවට ගෙන ඇති තරුණිය ආරක්ෂක හමුදාවකට සම්බන්දව රාජකාරි කරන බවත්, පැහැරගැනීමට ලක්වූ තරුණයා පෞද්ගලික සමාගමක සේවය කරන බවත් පොලිසිය පැවසීය.

සැකකරුවන් අද පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබූණි.

 

Share This