උඩරට දුම්රිය ධාවන කටයුතු යථා තත්ත්වයට

උඩරට දුම්රිය ධාවන කටයුතු යථා තත්ත්වයට

අවහිර වූ උඩරට දුම්රිය මාර්ගයේ, ගමනාගමන කටයුතු මේ වන විට යථා තත්ත්වයට පත් කර තිබෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

ඊයේ සවස 5.30ට පමණ හපුතලේ දියතලාව අතර 155/ 27 කිලෝමීටර් කණුව ආසන්නයේදී දුම්රිය මාර්ගයට ගල් සමඟ පස් කන්දක් කඩා වැටී දුම්රිය ගමනාගමනයට බාධා ඇතිවුණා.

දුම්රිය මාර්ග කම්කරුවන් සහ යුද හමුදා සාමාජිකයින් පහළොස් දෙනෙකුගේ සහභාගිත්වයෙන් දුම්රිය මාර්ගය කඩිනමින් පිළිසකර කිරීමට කටයුතු කෙරුණා.

ඒ අනුව අද දින උඩරට මාර්ගයේ දුම්රිය ගමනාගමනය සාමාන්‍ය පරිදි සිදුවන බවයි නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය පැවසුවේ.

Share This