නවගමුවේ වෙඩි තැබීමකින් පුද්ගලයෙක් මරුට

නවගමුවේ වෙඩි තැබීමකින් පුද්ගලයෙක් මරුට

නවගමුව ප්‍රදේශයේ ඊයේ (10) රාත්‍රියේ සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මියගොස් තිබේ.

යතුරු පැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් එම වෙඩි තැබීම කර ඇති බවයි, පොලීසිය සඳහන් කළේ.

ආරක්ෂක අංශ නිලධාරීන් ලෙස පෙනී සිටිමින් සැකකරුවන් දෙදෙනා ඊයේ රාත්‍රියේ මියගිය පුද්ගලයාගේ නිවසට පැමිණ ඇත.

පසුව ඔවුන් එම පුද්ගලයා අසළ තිබූ වගුරුබිමකට කැඳවාගෙන ගොස් ඔහුට වෙඩි තබා පළා ගොස් ඇතැයි පොලීසිය පැවසීය.

වෙඩි වැදීමෙන් බරපතල තුවාල ලබා සිටි පුද්ගලයා ප්‍රතිකාර සඳහා අතුරුගිරිය රෝහලට ඇතුළත් කර වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති අතර එහිදී ඔහු මියගොස් ඇතැයි පොලිසිය පවසයි.

එලෙස මියගොස් ඇත්තේ, නවගමුව වැලිපිල්ලෑව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පොලිස් විමර්ශන ක්‍රියාත්මකයි.

Share This