සිම්බාබ්වේ – ශ්‍රි ලංකා අවසන් එක්දින තරඟය අද

සිම්බාබ්වේ – ශ්‍රි ලංකා අවසන් එක්දින තරඟය අද

සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම සහ ශ්‍රි ලංකා කණ්ඩායම අතර තෙවැනි සහ අවසන් එක්දින ක්‍රිකට් තරගය අද (11)
කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රිඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.

තරගය දිවා රාත්‍රී තරගයක් ලෙස පස්වරු 02.30ට ආරම්භ වීමට නියමිතව ඇත.

මේ වනවිට තරගාවලිය එකට බින්දුවක් ලෙස ශ්‍රී ලංකාව ඉදිරියෙන් සිටින අතර පළමු තරගය වැස්ස නිසා අතහැර දැමීමට සිදුවිය.

මේ අතර අද පැවැත්වෙන තරගය ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ C සහ D සිට ක්‍රීඩාලෝලීන්ට නොමිලේ නැරඹීමට ද අවස්ථාව ලබා දී ඇති බව ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.

ඒ, පළමු තරග දෙක නැරඹීම සඳහා ප්‍රේක්ෂකයින්ගේ පැමිණීම ඉතා අවම මට්ටමක පැවතීම හේතුවෙන්.

 

Share This