අතුරුදන් වූ පාසල් සිසුවාගේ මෘත ශරීරය හමුවෙයි

අතුරුදන් වූ පාසල් සිසුවාගේ මෘත ශරීරය හමුවෙයි

අඟුරුවාතොට පොලිස් වසමේ නිව්වැටල් වත්ත, නෑබඩ ලිපිනයේ පදිංචිව සිටි පාසල් සිසුවෙක් ගංවතුරට හසුව අතුරුදන්ව ඇතැයි ඊයේ අනාවරණය වුණි.

පසුව 17 හැවිරිදි එම සිසුවාගේ මෘත ශරීරය අඟුරුවාතොට පොලිස් වසමේ උඩුවර ග්‍රාමසේවා වසමේ කටුපොල් වගා භූමියක තිබී ඊයේ (05) උදෑසන අහමුවී තිබේ.

මෘත ශරීරය හොරණ රෝහලේ තැන්පත් කර ඇති අතර, අඟුරුවාතොට පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.