දවසේ ලග්න පලාපල – 2023 අගෝස්තු මස 09 වන බදාදා

දවසේ ලග්න පලාපල – 2023 අගෝස්තු මස 09 වන බදාදා

රාහු කාලය
12:16 pm – 1:49 pm

සුභ දිශාව
උතුර

මරු සිටින දිශාව
නිරිත

Qries

මේෂ

විවිධ වැඩ කටයුතු රැසකට සම්බන්ධ වීමට අවස්ථා යෙදේ. වෙළහෙළදාම්වලින් ජය ගෙන දෙයි. අසල්වැසි සබඳතා වර්ධනය වන අතර පොදු සේවා කටයුතුවල යෙදේ. හදිසි ධන වාසනා ලබයි. සිරසගත රෝග ඇති කරවයි.

Date: 2023-08-09

ජය අංකය: 01
ශුභ වර්ණය: දම්
Qries

වෘෂභ

නව නිර්මාණ ඇරඹීමට හොඳයි. කෘෂිකාර්මික කටයුතුවලින් ජය ගෙන දෙයි. රාජකාරි ස්ථානවල අවිවේකීබවක් ඇති කරයි. මහජන ප්‍රසාදයට පත්වෙයි. අමතර ලාභ ලැබීම් ඇතිවෙයි. මෞත්‍ර ලිංගික පද්ධතියේ රෝග මතු වේ.

Date: 2023-08-09

ජය අංකය: 03
ශුභ වර්ණය: සුදු
Qries

මිථුන

ක්‍රියාකාරකම් බහුල වෙයි. ලිපි ලේඛන තුළින් ජයග්‍රහණ ගෙන දෙයි. පැරණි ගනුදෙනුවක් යහපත් ලෙස විසඳේ. භූමි ලාභ සම්පත් මතු කරයි. ප්‍රීති සාද උත්සව වැනි දේවලට සහභාගිවීමේ අවස්ථා යෙදේ. සෙම් කෝප රෝග මතු කරයි.

Date: 2023-08-09

ජය අංකය: 03
ශුභ වර්ණය: කොළ
Qries

කටක

විවිධ ක්‍රියාකාරකම් සඳහා එක්වීමට අවස්ථාව යෙදෙන අතර වැදගත් මිතුරුදමක් ඇතිවෙයි. හවුල් ව්‍යාපාර ඇතිකර ගැනීමට ශුභයි. යාන වාහන මිලට ගැනීමට විකිණීමට ශුභයි. සන්ධි රෝග ස්නායු රෝග මතුකරයි.

Date: 2023-08-09

ජය අංකය: 04
ශුභ වර්ණය: රෝස
Qries

සිංහ

සාමාන්‍ය ලෙසින් දවස ගෙවේ. සුපුරුදු රාජකාරිවල යෙදෙන අතර සුළුවෙන් හෝ සුහදතා වර්ධන ක්‍රියාවන්හි යෙදේ. වැය පස තරමක් ඉහළ යන දිනකි. ලේ දූෂිත රෝග මතු කරයි. නිවස උත්සව ශ්‍රියාවක් ගෙන දෙයි.

Date: 2023-08-09

ජය අංකය: 07
ශුභ වර්ණය: ළා දම්
Qries

කන්‍යා

තරමක් වෙහෙසව ක්‍රියාකරන දිනකි. අතරමඟ නතර කළ ක්‍රියා කටයුතු ඉදිරියට ගෙන යන අතර තම ආර්ථික වර්ධන ක්‍රියා සඳහා යොමුවෙයි. සෙම් කෝප රෝග මතු කරයි. ප්‍රීතිසාද උත්සව වැනි දේට හේතුයි.

Date: 2023-08-09

ජය අංකය: 06
ශුභ වර්ණය: රන්වන්
Qries

තුලා

ශුභාශුභ ඵල මතු කරයි. ගමන් බිමන්වල යෙදෙන අතර නිශ්ඵල ගමන් ද යෙදේ. යටපත්ව තිබූ සතුරු බලපෑම් ඉස්මතු කරයි. වැයපස ද ඉහළ යයි. සුළුවෙන් හෝ ශල්‍යකර්ම වැනි දේට හේතුයි. දහමට ද ලැදිව ක්‍රියාකරයි.

Date: 2023-08-09

ජය අංකය: 07
ශුභ වර්ණය: ලා රෝස
Qries

වෘශ්චික

තරමක් අවිවේකී බව මතුවෙයි. රාජකාරිවල යෙදෙන අතර සුළුවෙන් හෝ ගමන් බිමන් ද යෙදේ. බලාපොරොත්තු රහිත ලෙස මිල මුදල් වැයවන දිනකි. සෙම් රෝග ඌෂ්ණ රෝග මතුකරයි. දහමට ලැදිව ක්‍රියාවේ යෙදෙන දිනකි.

Date: 2023-08-09

ජය අංකය: 09
ශුභ වර්ණය: රතු
Qries

ධනු

ශුභ දිනකි. ප්‍රීති උත්සව යෙදේ. විනෝදජනක කටයුතු දියත් කරයි. ප්‍රබෝධයෙන් රැකියාවල යෙදේ. තනතුරු ලාභ ලැබීම්වලට හේතුයි. සතුරන් දමනය වෙයි. සෞඛ්‍ය තත්ත්වය පිරිහීමට හේතු බැවින් කල්පනාකාරීවීම ශුභයි.

Date: 2023-08-09

ජය අංකය: 07
ශුභ වර්ණය: කහ
Qries

මකර

ශුභා ශුභ මිශ්‍රඵල මතුකරයි. රැකියා ස්ථානවල බාධා ඉවත් වෙයි. ව්‍යාපාරවල දියුණුවක් පෙනේ. නව නිර්මාණ ඇරඹීමට හොඳයි. පොදු සේවා, සමාජ සත්කාරවල යෙදේ. ආමාශගත රෝග, ආහාර විෂවීම්වලට හේතුයි.

Date: 2023-08-09

ජය අංකය: 02
ශුභ වර්ණය: නිල්
Qries

කුම්භ

ශුභඵල ගෙන දෙයි. නවක මිතුදම් ඇති වෙයි. ප්‍රීති උත්සව යෙදේ. සුහදතා වර්ධන කටයුතුවල ද යෙදේ. රැකියාවේ උසස්වීම් වැනි දේට හේතුයි. උසස් මිතුරන් ඇසුරට පත්වෙයි. කලක් වධදුන් රෝගවල සුවතාව මතුවෙයි.

Date: 2023-08-09

ජය අංකය: 05
ශුභ වර්ණය: ලා දුඹුරු
Qries

මීන

ශුභවාදී ඵල ගෙනදෙයි. රැකියා ලාභ ලැබීම් නව ව්‍යාපාර ඇරඹීම් ආදියට හේතුයි. සතුරන් දමනය වේ. ඇසුරු කරන්නන් අතර ප්‍රසාදය දිනයි. හදිසි ලාභ ලැබීම්වලට හේතුයි. සන්ධි රෝග ඉදිමුම් රෝග ආදියට හේතුයි.

Date: 2023-08-09

ජය අංකය: 09
ශුභ වර්ණය: තැඹිලි
Share This