web hit counter
රු. 20000ක දීමනාවක් ඉල්ලා දුම්රිය වෘත්තීය සමිති පාරට

රු. 20000ක දීමනාවක් ඉල්ලා දුම්රිය වෘත්තීය සමිති පාරට

ජීවන බර දරා ගත නොහැකි බවත් ඒ අනුව රු. 20000ක දීමනාවක් ලබා දෙන ලෙසත් ඉල්ලමින් දුම්රිය වෘත්තීය සමිති සන්ධානය උද්ඝෝෂණ මාලාවක් ආරම්භ කිරීමට තීරණය කර තිබේ.

ඒ අනුව, අද දිනයේ සිට සෑම දිනකම කෑම විවේකය තුළ මෙම උද්ඝෝෂණ මාලාව පවත්වන බව දුම්රිය වෘත්තීය සමිති සන්ධානය පවසයි.

අද දිනයේදී දහවල් 12.00ට දුම්රිය මූලස්ථානය ඉදිරිපිට, හෙට දිනයේදී දහවල් 12ට රත්මලාන බෙලෙක් කඩේ හංදිය ඉදිරිපිටදී, 25 දා දහවල් 12ට ඩී.ආර්. විජේවර්ධන මාවත ප්‍රධාන ඉංජිනේරු කාර්යාලය ඉදිරිපිට හා 26 දා දහවල් 12.00ට දෙමටගොඩ දුම්රිය ස්ථානය අසළදී මෙම උද්ඝෝෂණ පැවැත්වීමට නියමිතය.

Share This

COMMENTS

Wordpress (0)
Disqus (0 )