අමෙරිකානු සහකාර රාජ්‍ය ලේකම් අද දිවයිනට

අමෙරිකානු සහකාර රාජ්‍ය ලේකම් අද දිවයිනට

දකුණු සහ මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ අමෙරිකානු සහකාර රාජ්‍ය ලේකම් ඩොනල්ඩ් ලූ මහතා අද (13) නිල චාරිකාවක් සඳහා දිවයිනට පැමිණීමට නියමිතය.

ඒ අනුව, ඔහු ශ්‍රී ලංකාව සමඟ අමෙරිකාවේ හවුල්කාරිත්වය සම්බන්ධයෙන් සොයා බැලෙන අතර ඔහුගේ මෙම චාරිකාවේ දී ශ්‍රී ලංකාවේ දේශපාලන නියෝජිතයින් සහ සිවිල් සංවිධාන නිලධාරීන් හමුවීමට බලාපොරොත්තු වේ.

ඩොනල්ඩ් ලූ ශ්‍රී ලංකාවට අමතරව ඉන්දියාව සහ බංගලාදේශය ඇතුලත් කලාපයේ ද චාරිකාවේ නිරතවන අතර මැයි 15වැනිදා දක්වා එය සිදු කෙරේ.

නිවේදනයක් නිකුත් කරමින් අමෙරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුව පසුගිය සතියේ ප්‍රකාශ කළේ ඔහුගේ ශ්‍රී ලංකා චාරිකාවේ දී ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රකෘතිය සඳහා එක්සත් ජනපදයේ සහය මෙන්ම නිදහස් හා ප්‍රජාතන්ත්‍රවාදීභාවය ශක්තිමත් කිරීමේ වැදගත්කම යළිත් තහවුරු කරන බවයි.