උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය සාමාන්‍ය පරිදි

උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය සාමාන්‍ය පරිදි

උඩරට මාර්ගයේ සියලු දුම්රියන් අද (26) උදෑසන සිට සාමාන්‍ය පරිදි ධාවනය වන බව දුම්රිය දෙපාර්තමේන්තුව පැවසීය.

අයහපත් කාලගුණය සමඟ ගස් කඩා වැටීම්, ගල් පෙරලීම් හා පස් කඳු කඩා වැටීමේ අවදානම් තත්ත්වයක් මතු වී තිබීම හේතුවෙන් මහජනතාවගේ ආරක්ෂාව සලකා ඊයේ රාත්‍රියේත් දෙවන දිනටත් රාත්‍රීකාලයේ දුම්රිය ධාවනය අවලංගු කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබුණි.

මේ වන විට පිටකොටුව සිට බදුල්ලටත්, බදුල්ල සිට කොළඹ පිටකොටුව සහ මහනුවරට උඩරට මාර්ගයේ ධාවනය වීමට නියමිත සියලුම දුම්රියයන් සාමාන්‍ය පරිදිධාවනය වීම සිදුවන බව නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය පැවසීය.