පහරදීමට විරෝධය පා පාරිභෝගික කටයුතු අධිකාරියේ විමර්ශන නිලධාරීන් වැඩ වර්ජනයක

පහරදීමට විරෝධය පා පාරිභෝගික කටයුතු අධිකාරියේ විමර්ශන නිලධාරීන් වැඩ වර්ජනයක

සිය නිලධාරියෙකුට එල්ලවූ ප්‍රහාරයකට විරෝධය පළ කරමින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විමර්ශන නිලධාරින් ක්ෂේත්‍ර රාජකාරිවලින් ඉවත්වී සංකේත වැඩ වර්ජනයක් ආරම්භ කර තිබෙන බව, සමස්ත ලංකා විමර්ශන නිලධාරින්ගේ සංගමයේ සභාපති කෝසල රංගනාත් මහතා පැවසීය.

පසුගිය දා නාරම්මල ප්‍රදේශයේදී පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නිලධාරීන්ට පහර දී රාජකාරියට බාධා කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් තවත් සැකකරුවන් තිදෙනෙකු ලබන 10 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

එහිදී තුවාල ලැබූ නිලධාරීන් 05 දෙනෙකු කුරුණෑගල රෝහලේ ප්‍රතිකාර ලබන බවයි, පොලිසිය සඳහන් කළේ.

Share This