ඉංජිනේරු සංස්ථාවේ සභාපතිවරයා සේවකයන්ගේ ග්‍රහණයට

ඉංජිනේරු සංස්ථාවේ සභාපතිවරයා සේවකයන්ගේ ග්‍රහණයට

රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ වැඩබිම් සේවකයන් එහි සභාපතිවරයා කාර්යාලය තුළ ග්‍රහණයට නතුකරගෙන ඇති බව කොළඹ 2, පිහිටි රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ ප්‍රධාන කාර්යාලයේ ආරංචි මාර්ග පවසයි.

සේවකයෝ සභාපතිවරයාගේ කාර්යාලය වටකර ඔහුට පිටව යෑමට නොදී දොරටුව ඉදිරිපිට බිම වාඩි වී සිටින අතර, සංස්ථාවේ සේවයකයන්ට ජූනි මස වැටුපේ කොටසක් මේ දක්වා නොගෙවීම මෙම තත්වයට ආසන්නම හේතුව බවට පත්ව ඇති බව ආරංචි මාර්ග පවසයි.