අස්වැසුම ප්‍රතිලාභ ගැන දැනුම් දීමක්

අස්වැසුම ප්‍රතිලාභ ගැන දැනුම් දීමක්

දිවයිනේ පළාත් රැසක ග්‍රාම නිලධාරීන් අස්වැසුම සුබ සාධක ප්‍රතිලාභ වැඩසටහනට සම්බන්ධ නොවීම නිසා අස්වැසුම දෙවන අදියර උතුරු පළාතෙන් ආරම්භ කිරීමට රජය සැලසුම් කර ඇත.

උතුරු පළාතේ ග්‍රාම නිලධාරීන් වෘත්තීය ක්‍රියාමාර්ගවල නිරත නොවී රජයේ සුබ සාධන වැඩපිළිවෙළවල් ක්‍රියාත්මක කිරීමට සහයෝගය දැක්වීම නිසා අස්වැසුම දෙවැනි අදියර මෙසේ උතුරු පළාතෙන් ආරම්භ කිරීමට මුදල් අමාත්‍යාංශය අවධානය යොමුකර තිබේ.

අස්වැසුම දෙවැනි අදියර සඳහා අයැදුම්පත් එවන ලද අයගේ තොරතුරු සොයා බැලීම ආදී කටයුතු වලින් ග්‍රාම නිලධාරීන් මේ වනවිට ඉවත්වී සිටිති.

සිය ඉල්ලීම් සඳහා නිසි විසඳුමක් ලැබෙන තුරු රජයේ සහනාධාර වැඩපිළිවෙළට සම්බන්ධ නොවන බව ග්‍රාම නිලධාරීන් කියා සිටිති.

අස්වැසුම දෙවැනි අදියර යටතේ අයැදුම්පත් ලක්ෂ හතර හමාරක් ලැබී ඇතැයි මුදල් අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව අස්වැසුම ප්‍රතිලාභය පවුල් ලක්ෂ විසිහතරකට ලබාදීමට නියමිතය.