උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට අදත් බාධා

උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට අදත් බාධා

උඩරට දුම්රිය මාර්ගයේ දියතලාව හා හපුතලේ දූම්රිය ස්ථානය අතර දුම්රිය මාර්ගය අද (01) අලුයම නායයාමකට ලක්වීම හේතුවෙන් උඩරට දුම්රිය ධාවනයට බාධා එල්ලවී ඇති බව නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය පවසයි.

මෙම නායයාම හේතුවෙන් දුම්රිය මාර්ගයට විශාල ගල් සමග පස් කඳු කඩාවැටී දුම්රිය මාර්ගය අවහිරව ඇති බවත්, දුම්රිය දෙපාර්තුමේන්තුවේ සේවකයන් හා යුධ හමුදා නිලධාරීන් එක්ව එම අවහිරතා ඉවත් කොට දුම්රිය ධාවනයට අවශ්‍ය කටයුතු සිදු කිරීමට පියවර ගනිමින් සිටින බවද දුම්රිය පාලක මැදිරිය සඳහන් කරයි.

උඩරට දුම්රිය මාර්ගයේ කොළඹ කොටුවේ සිට බදුල්ල බලා ධාවනය වු රාත්‍රි තැපැල් දුම්රිය නායයාම සිදුවු ස්ථානය ආසන්නයේ නවතා ඇති බවත්, මේ හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවයනය ප්‍රමාද විය හැකි බවද නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය වැඩිදුරටත් පවසයි.

Share This