ඇපල් සමාගම සිය නවතම iPhone නිෂ්පාදන පෙළ එළිදක්වයි

ඇපල් සමාගම සිය නවතම iPhone නිෂ්පාදන පෙළ එළිදක්වයි

ලෝක ප්‍රකට ඇපල් සමාගම විසින් සිය නවතම මාදිලියේ iPhone නිෂ්පාදන පෙළ එළිදක්වා තිබේ.

ඒ අනුව, iPhone 15, iPhone 15 Plus, iPhone 15 Pro සහ iPhone 15 Max යන නව iPhones ජංගම දුරකථන හතරක් එළිදක්වා ඇත.

එම iPhone Pro මාදිලි ටයිටේනියම් වලින් සාදා ඇති බවත් iPhone 15 Pro සහ iPhone 15 Pro Max වර්ණවලට Black Titanium, White Titanium, Blue Titanium, Natural Titanium ඇතුළත් බවද Apple සමාගම සදහන් කරයි.

තවද Apple iPhone 15 Pro සහ iPhone 15 Pro Max වර්ණවලට Black Titanium, White Titanium, Blue Titanium, Natural Titanium ඇතුළත් වන අතර iPhone 15 සහ iPhone 15 Plus සදහා Dynamic Island, 48 MP කැමරා සහ A16 Bionic ප්‍රොසෙසරය ලැබේ.

මෙවර හඳුන්වා දුන් iPhone 15 වල සිදුව ඇති විශාලතම වෙනස්කම ලෙස සැලකෙන්නේ, lightning charging port වෙනුවට USB-C charging port එකක් හඳුන්වාදීමයි.

Apple සමාගම සදහන් කළේ, iPhone 15 Pro Max විශාලතම දුරකථනය පෙර මාදිලිවලට වඩා දිගු දෘශ්‍ය විශාලනයක් සහිත නව කැමරා කාචයක් ඇති බවත් එමගින් වීඩියෝ ශිල්පීන්ට උසස් තත්ත්වයේ වීඩියෝ ලබාගැනීමට හැකි බවත් එමඟින් දුරකථනය වෘත්තීය වීඩියෝ කැමරාවක් ලෙස භාවිතා කිරීමට හැකි බවයි.

ඇපල් සමාගම නිවේදනය කරන්නේ, iPhone 15 Pro එක්සත් රාජධානිය තුළ පවුම් 999 සිට ඉහළට මිල නියම වනු ඇති බවයි.