තම්මැන්නාව වැවේ මසුන් ඇල්ලීමට ගිය තුනක් අකුණු සැර වැදී මරුට

තම්මැන්නාව වැවේ මසුන් ඇල්ලීමට ගිය තුනක් අකුණු සැර වැදී මරුට

වියලි කාළගුණය හේතුවෙන් ජලය සිඳී යමින් පැවති මිහින්තලය, තම්මැන්නාව වැවේ මසුන් ඇල්ලීමට ගිය ගුවන් හමුදා විශ්‍රාමික සෙබලෙකු, යුද හමුදා විශ්‍රාමික සෙබලෙකු ඇතුළු පුද්ගලයන් තිදෙනකු අකුණු සැර වැදී ජීවිතක්ෂයට පත්ව ඇති බව මිහින්තලය පොලිසිය පවසයි.

මෙලෙස අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ මිහින්තලේ, තම්මැන්නාව ඇල්ලේ වැව සහ ගඟුරෑවේ පදිංචි ඒ. ධර්ම ශ්‍රී රණතුංග (44), බී. සරත් චන්ද්‍රසිරි (46), සහ එච්. මහින්ද කුමාර (45) නැමති පුද්ගලයන් තිදෙනෙකි.

අකුණු සැර පතිත වන අවස්ථාවේදී පුද්ගලයන් සිවුදෙනකු තම්මැන්නාව වැවේ මාළු අල්ලමින් සිට ඇති බවත් ඉන් එක් අයෙකු දිවි බේරා ගෙන ඇති බවද පොලිසිය කියයි.

පැවැති වියලි කාලගුණය හේතුවෙන් සීඝ්‍රයෙන් ජලය සිදෙමින් පවතින වැව්වල මේ දිනවල ජනතාව මත්ස්‍යයන් ඇල්ලීම පුරුද්දක් කර ගෙන සිටින අතර එය මේ වන විට රජරට ප්‍රදේශයේ සුලබ දසුනකි.

Share This