ඩිල්මා තේ නිර්මාතෘ මෙරිල් ජේ ප්‍රනාන්දු මහතා අභාවප්‍රාප්ත වෙයි

ඩිල්මා තේ නිර්මාතෘ මෙරිල් ජේ ප්‍රනාන්දු මහතා අභාවප්‍රාප්ත වෙයි

ලොව සුපතළ ශ්‍රී ලාංකීය තේ සන්නාමයක් වන ඩිල්මා තේ හි නිර්මාතෘ මෙරිල් ජේ ප්‍රනාන්දු මහතා අද අලුයම අභාවප්‍රාප්ත වී තිබෙනවා.

මියයන විට ඔහුගේ වයස අවුරුදු 93 ක්.

2019 වසරේදී ඩිල්මා තේ ප්‍රධාන විධායක නිළධාරී ධුරයෙන් ඔහු ඉල්ලා අස්වූ අතර එම පුරප්පාඩුවට පත් කෙරුණේ ඔහුගේ පුත්‍රයා වන ඩිල්හාන් ප්‍රනාන්දු යි.

ඔස්ටේ්‍රලියාව ඇතුලු රටවල් 100 ක පමණ අතිශය ජනප්‍රිය තේ සන්නාමයක් ලෙසයි ඩිල්මා තේ සැළකෙන්නේ.

ව්‍යවසායකයෙකු ලෙස දැක්වූ දක්ෂතා ඇගයීම පිණිස මෙරිල් ජේ. ප්‍රනාන්දු මහතා සම්මාන රැසකින් ද පිදුම් ලැබූ අයෙකි.

Share This