යළි තෙල් පෝලිම් ඇති වූ හේතුව

යළි තෙල් පෝලිම් ඇති වූ හේතුව

මේ වනවිට සමහර ඉන්ධන පිරවුම්හල් අසල කිලෝ මීටර ගණන් දිග පොලිම් ඇත්තේ ඉන්ධන හිඟයක් නිසා නොවන බවත් ඉන්ධන මිල පහළ යෑම සම්බන්ධව වූ පුරෝකථනය මත බෙදුම්කරුවන් විසින් ඉන්ධන ඇනවුම් ඉදිරිපත් නොකිරීම හේතුවෙන් බවත් ශ්‍රී ලංකා ඛණිජතෙල් බෙදුම්කරුවන්ගේ සංගමයේ සභාපති කපිල නාඔටුන්න මහතා පවසයි.

අද සවස්වන විට සියලුම ඉන්ධන පිරවුම්හල් වෙත ප්‍රමාණවත් ඉන්ධන තොග ලැබෙනු ඇති බවයි, බෙදුම්කරුවන්ගේ සංගමයේ සභාපතිවරයා පැවසුවේ.

“ ඇමතිවරයා මොනවා කිව්වත් ඉන්ධන බෙදුම්කරුවන් කරන්නේ සමාජ සේවයක්ම නෙමෙයි. මාස් පතා ලක්ෂ ගණන් පාඩු ලබමින් මේ ව්‍යාපාරය කරන්න බෑ. ඒ නිසා ඉන්ධන මිල ගණන් අඩුවේවි කියලා උපකල්පනය කරලා ඉන්ධන බෙදුම්කරුවන් ඇනවුම් ඉදිරිපත් කළේ නෑ.”

“ ඇත්තටම මාස දෙකක් බෙදුම්කරුවන් හොඳටම පාඩු ලැබුවා. මැයි පළමුවෙනිදා බෙදුම්කරුවන්ට සංස්ථාවෙන්ම උපදෙස් දුන්නා වැඩිපුර තෙල් තොග රැස් කරගන්න කියලා.එහෙම කියලා 30 වැනිදා තෙල් මිල අඩු කළා. හැම බෙදුම් කරුවෙක්ම මැයි මාසයේ ලක්ෂ 10ක් 12ක් පාඩු ලැබුවා. ඒ අත්දැකීම මිනිස්සුන්ට තිබුණා.”

ඊයෙ වනවිට ආදල ඇනවුම් කරලා ප්‍රමාණවත් තොග ලැබුණා. අද සහ හෙට තෙල් බෙදනවා. පෝලිම් තියෙන්නේ උදේ තෙල් තොග ලැබුණු ෂෙඩ්වල. පෝලිමක් දැකපු ගමන් මිනිස්සු පොලිමට එකතු වෙනවා. ඕන ප්‍රමාණයට වඩා වැඩිපුර තෙල් ගන්නවා. එතකොට ඉබේම ඉන්ධන හිඟයක් ඇති වෙනවා.” යැයි සභාපතිවරයා පැවසීය.

Share This