ෆේස්බුක් මැසෙන්ජර් හි පහසුකමක් ඉවත් කරයි

ෆේස්බුක් මැසෙන්ජර් හි පහසුකමක් ඉවත් කරයි

ෆේස්බුක් මැසෙන්ජර් (Facebook Messenger) විසින් ජංගම දුරකථන අංකයට පැමිණෙන කෙටි පණිවිඩ සඳහා සහය ලබාදීම නතර කිරීමට තීරණය කර තිබේ.

ඒ අනුව, මෙම පහසුකම එළඹෙන සැප්තැම්බර් මාසයේ 28 වන දින සිට ඉවත්කරන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

2016 වර්ෂයේදී මෙටා සහ ඇන්ඩ්‍රොයිඩ් ස්මාර්ට්ෆෝන් ඒකාබද්ධ කිරීම සඳහා මෙම පහසුකම හඳුන්වා දී තිබුණි.

ඒ අනුව, එස්.එම්.එස් ( SMS) පණිවිඩ දම් පාටින් සහ මැසෙන්ජර් Messenger) පණිවිඩ නිල් පැහැයෙන් පෙන්වීම සිදුකෙරුණි.