රු. ලක්ෂ 50ක මත්ද්‍රව්‍ය සමග කාන්තාවක් අත්අඩංගුවට.

රු. ලක්ෂ 50ක මත්ද්‍රව්‍ය සමග කාන්තාවක් අත්අඩංගුවට.

රුපියල් ලක්ෂ පනහකට අධික වටිනා විවිධ මත්ද්‍රව්‍ය තොගයක් සමග කාන්තාවක ග්‍රෑන්ඩ්පාස් හේනමුල්ල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය පවසයි.

සැකකාරිය සන්තකයේ තිබී හොරයින් මත්කුඩු ග්‍රෑම් 50 මිලිගෑම් 610 ක්, අයිස් මත්ද්‍රව්‍ය ගෑම් 101 මිලිගෑම් 100 ක්, කේරළ ගංජා කිලෝ තුනයි ග්‍රෑම් 240 ක් හා මත් පෙති 900 ක් පොලිස් භාරයට ගෙන ඇත.

පොලිස් විශේෂ කාර්යය බළකා අතුරුගිරිය කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරක් අනුව වැටලීම සිදුකර ඇත.

අත්අඩංගුවට සත් සැකකාරිය වයස අවුරුදු හැට හතක් වන හේනමුල්ල ප්‍රදේශයේ පදිංචිකාරියකි.