ලොරි කැබ් රථ අනතුරින් හමුදා සැරයන්වරයෙක් ජීවිතක්ෂයට – තවත් 9කට තුවාල

ලොරි කැබ් රථ අනතුරින් හමුදා සැරයන්වරයෙක් ජීවිතක්ෂයට – තවත් 9කට තුවාල

ඒ 9 මාර්ගයේ මාන්කුලම වසන්තනගර් ප්‍රදේශයේදී අද(26) උදෑසන යුද හමුදා සෙබලුන් ගමන් කළ කැබ් රථය අනතුරට පත්වීමෙන් යුද හමුදා සැරයන්වරයෙකු ජීවිතක්ෂයට පත්වූ අතර තවත් සොල්දාදුවන් 9 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කෙරුණා.

පිරිස ගමන් කළ කැබ් රථයට පිටුපසින් පැමිණි ලොරි රථයක් කැබ් රථයේ ගැටීමෙන් අනතුර සිදුව තිබෙනවා.

අනතුරත් සමග කැබ් රථයේ පිටුපස ගමන් කළ එක් සෙබළෙකු රථයෙන් විසිවී ගොස් පිටුපසින් පැමිණි ලොරි රථයේ ගැටී සිදුවූ අනතුරෙන් මියගොස් ඇති බව වාර්තා වනවා.

මියගොස් ඇත්තේ 39 හැවිරිදි ඇහැටුවැව ගල්ගමුව ප්‍රදේශයේ පදිංචි යුද හමුදා 07 වන සේවා බළකායට අනුයුක්ත මුරුක්කණ්ඩි කඳවුරේ සැරයන්වරයෙක්.

අනතුර සම්බන්ධයෙන් ලොරි රථයේ රියැදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර මාන්කුලම පොලීසිය විසින් වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරයි.

Share This