ටෙලිකොම් සභාපති ඉවත් කෙරේ – නව සභාපති රියාස් නිවුලර්

ටෙලිකොම් සභාපති ඉවත් කෙරේ – නව සභාපති රියාස් නිවුලර්

ශ්‍රී ලංකා ටෙළිකොම් හි අධ්‍යක්ෂ මණ්ඩලය විසින් එහි සභාපති රොහාන් ප්‍රනාන්දු මහතා එම ධුරයෙන් ඉවත් කර ඇති අතර නව සභාපතිවරයා ලෙස රියාස් නිවුලර් මහතා පත්කර තිබේ.

අද (20) පෙරවරුවේ රැස්වූ ද සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීමකදී මෙම තීරණය ගෙන ඇති බවටයි වාර්තා වන්නේ.

ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ පනතට අනුව අධ්‍යක්ෂ මණ්ඩලය වෙත හදිසියේ ඉදිරිපත් කරනු ලැබූ යෝජනාවක් ලෙසට මෙම යෝජනාව සම්මත කර ගෙන තිබෙනවා.

ටෙලිකොම් ආයතනයේ සභාපතිවරයා ලෙසට මෙතෙක් කටයුතු කරනු ලැබුවේ රොහාන් ප්‍රනාන්දු මහතායි.

මෙරට ප්‍රධානියා වන රියාස් මියුලර් ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ අධ්‍යක්ෂ මණ්ඩලයට පසුගියදා පත් කරනු ලැබුවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින්. සමාගමේ රජය සතු කොටස් විකිණීමට රජය ගෙන ඇති තීරණයට සභාපති රොහාන් ප්‍රනාන්දු විරෝධය පළ කිරීම ඔහු සභාපති ධුරයෙන් ඉවත් කිරීමට බලපා ඇති බවටයි අනාවරණ වන්නේ.

අලි රාජ් නම් ව්‍යාපාරිකයෙකු විසින් ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගමේ කොටස් මිලදී ගැනීමට යන බවට ද මේවන විට වාර්තා පළ වනවා.

Share This