පාසල් සිසුවියන් සමග පෙම් සබඳතා පවත්වා ඔවුන් දූෂණය කරමින් ලබා ගත් වීඩියෝ පට අන්තර්ජාලයට දැමූ සිසුන් 02ක් රිමාන්ඩ්

පාසල් සිසුවියන් සමග පෙම් සබඳතා පවත්වා ඔවුන් දූෂණය කරමින් ලබා ගත් වීඩියෝ පට අන්තර්ජාලයට දැමූ සිසුන් 02ක් රිමාන්ඩ්

පාසල් සිසුවියන් සමග ප්‍රේම සම්බන්ධතා පවත්වමින් ඔවුන් මහනුවර රාජසිංහ මාවතේ ලැගුම්හල් දෙකකට වරින් වර රැගෙන ගොස් දූෂණය කරන අතර ලබා ගත් වීඩියෝ දර්ශන සමාජ මාධ්‍යයට මුදා හැරීමේ සිද්ධියක් සම්බන්ධව මහනුවර ප්‍රසිද්ධ පාසලක උසස් පෙළ හදාරන සිසුන් දෙදෙනෙක් අත් අඩංගුවට ගෙන මහනුවර අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ජනවාරි මස 01 දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

මින් එක් 15 හැවිරිදි සිසුවියක් රැගෙන ගිය ලැගුම්හල් දෙකේ හිමිකරුවන් හා කළමනාකරුවන් ද පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන මහනුවර අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මෙම මස 22 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර ඇත.

මහනුවර පොලීසියේ ළමා හා කාන්තා කාර්යාංශයේ නිලධාරීන් විසින් මෙම සිසුන් දෙදෙනා අත්අඩංගුවට ගන්නේ මෙම අපරාධය පිළිබඳව පැමිණිලි කළ මහනුවර ප්‍රධාන පෙළේ බාලිකා විද්‍යාලයක 15 හැවිරිදි සිසුවියකගේ පැමිණිල්ලකට අනුවය.

තමන්ගේ පෙම්වතා වූ පාසල් සිසුවා අතින් දූෂණය වූ දැරිය පොලිසියට පවසා ඇත්තේ ඔහු බීම වර්ගයක් සමඟ මත්ද්‍රව්‍යයක් මිශ්‍රකර තමාට ලබාදුන් බවත් ඉන් පසු සිදු වූ කිසිවක් තමන්ට මතක නොමැති බවත්ය.

අත්අඩංගුවට ගත් පාසල් සිසුන් දෙදෙනාගෙන් එක් සිසුවෙක් සමග මෙම 15 හැවිරිදි දැරිය ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වා ඇත. පෙම්වතා යැයි කී සිසුවා විසින් දැරිය ඇයගේ නිවස තුළදීම අවස්ථා කීපයක දී දූෂණය කර තිබේ. අනතුරුව ඇය අත් හැර දැමූ සිසුවා විසින් තම මිතුරෙක් සමග සම්බන්ධතාවයක් ඇති කරගැනීමට ඇයව පොළඹවා තිබේ.

අනතුරුව දැරිය පෙම්වතාගේ මිතුරා සමග සම්බන්ධයක් ගොඩනගාගෙන ඇති අතර ඔහු ඇයව දෙවන රාජසිංහ මාවතේ පිහිටි ලැගුම් හල වෙත රැගෙන ගොස් බීමට යමක් දී ඇයව මත් කර ඇති බවත්, අනතුරුව තමන්ගේ හිස වසාගෙන ඇයව දූෂණය කරන ආකාරය සහිත නිරුවත් දර්ශන රැසක් රූගත කර තිබෙන බව පොලිස් පරීක්ෂණ මගින් හෙළිව ඇත.

අනතුරුව එම දර්ශන සිසුවියගේ දුරකථනයට යොමු කරමින් නිතර නිතර ඇයව ලැගුම් හලට ගෙන්වාගෙන දූෂණය කර ඇත.

ඇයගේ පළමු පෙම්වතා ද ඊට සම්බන්ධ වෙමින් දැරියගේ නිරුවත් දර්ශන වටස්ඇප් හරහා සිසුන් වෙත සහ සිසුන් එක් වී සිටින වට්ස් ඇප් සමූහ වෙත මුදා හැර තිබේ.

අගතියට පත් වූ දැරිය පරිවාස භාරයට පත් වුවහොත් ඇතිවිය හැකි ව්‍යාකූල තත්ත්වය සලකා දැරියගේ මව හැකි උත්සාහයක් දරා ඇත්තේ දැරිය සමාජයට අනාවරණය නොකර හැකි උපරිම ආකාරයෙන් ඇයගේ ප්‍රශ්නය නිරාකරණය කරගැනීමට බව අනාවරණය වේ.

අත්අඩංගුවට ගත් එක් සිසුවෙකුගේ ජංගම දුරකතනයේ තිබී පාසල් සිසුවියන් ද ඇතුළුව තරුණියන් රැසකගේ නිරුවත් වීඩියෝ දර්ශන සොයා ගෙන ඇත.

Share This