හිටපු සෞඛ්‍ය ලේකම් CID අත්අඩංගුවට

හිටපු සෞඛ්‍ය ලේකම් CID අත්අඩංගුවට

සෞඛ්‍ය අමාත්‍යංශයේ හිටපු ලේකම් ජනක චන්ද්‍රගුප්ත මහතාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් අත්අඩංගුවට ගෙන තිබේ.

ප්‍රමිතියෙන් තොර හියුමන් ඉමියුනෝග්ලොබියුලීන් ඖෂධය ගෙන්වීම සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා තුන්වන වතාවටත් චන්ද්‍රගුප්ත මහතා අද (18) උදෑසන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණි අතර එම අවස්ථාවේ දී ඔහුව අත්අඩංගුවට ගෙන තිබේ.

පසුගිය 30 වනදා දෙවනවරට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටි අවස්ථාවේ ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත මහතා පැය 4කට ආසන්න කාලයක් ප්‍රකාශයක් ලබා දී පිටත්ව ගොස් තිබුණි.

ඉමියුනෝග්ලොබියුලීන් එන්නත් ගනුදෙනුව සම්බන්ධව දැනට රිමාන්ඩ් බන්ධනාගාරයේ සිටින පුදගලික සමාගම් හිමිකරු වෙත එන්නත් නිශ්පාදනය සඳහා රුධිර ප්ලාස්මාව නිකුත් කිරීම ප්‍රතික්ෂේප කළ රුධිර පාරවිලයන මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂවරයාට එම ප්ලාස්මාව සමාගම් අයිතිකරු වෙත නිකුත් කරන ලෙස එවකට සෞඛ්‍ය ලේකම් ජනක චන්ද්‍රගුප්ත ලිඛිතව නියෝග ලබා දී තිබුණි.

ඒ පසුගිය පෙබරවාරි මස 28 වෙනිදාය. සෞඛ්‍ය ලේකම් ජනක චන්ද්‍රගුප්ත විසින් නිර්දේශ කර තිබුණේ රුධිර ප්ලස්මා ලීටර් 2000ක රුධිර ප්ලාස්මාව ලබා දෙන ලෙසය.

Share This