තුවක්කුකරුවන් පිරිසක් සජීවී වැඩසටහනක් අතරතුර රූපවාහිනී නාළිකාවට කඩා වදිති

තුවක්කුකරුවන් පිරිසක් සජීවී වැඩසටහනක් අතරතුර රූපවාහිනී නාළිකාවට කඩා වදිති

ලතින් ඇමෙරිකාවට අයත් ඉක්වදෝරයේ, රූපවාහිනී නාළිකාවක, සජීවී වැඩසටහනක් විකාශය වෙමින් තිබියදී මුහුණු ආවරණය කරගත් තුවක්කුකරුවන් පිරිසක් වැඩසටහන විකාශය වෙමින් පැවැති මැදිරියට කඩා වැදී තර්ජනය කරීමේ සිද්ධියක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

එහිදී, තුවක්කුකරුවන් විසින්, වැඩසටහන මෙහෙයවමින් සිටි නිවේදකයන් සහ ඊට සහභාගී වී සිටි පිරිස තුවක්කු දිගුකර බිය ගන්වා ප්‍රාණඇපයට ගනිමින්, ඔවුන් මරනවා යැයි තර්ජනය කරන අයුරු සජීවීව නාළිකව ඔස්සේ විකාශය වී තිබේ.

එහිදී තුවක්කුකරුවන් විසින් ප්‍රාණ ඇපයට ගත් කිහිප දෙනෙකු මැදිරියෙන් පිටතට රැගෙන ගොස් ඇති අතර ​ආරක්ෂක අංශ වහා ක්‍රියාත්මක වී රූපවාහිනී නාලිකාව වටලා සන්නද්ධ පිරිස අත්අඩංගුවට ගෙන තිබේ.

ඔවුන් ඉක්වදෝරයේ අපරාධ කල්ලි සාමාජිකයන් බව පැවැසෙයි.

Share This