නොබෝ දිනකින් යළි ඉපදෙන නැදුන්ගමුවේ රාජා

නොබෝ දිනකින් යළි ඉපදෙන නැදුන්ගමුවේ රාජා

සුවහසක් ලාංකේය ජනතාවගේ ගෞරව බහුමානයට පාත්‍ර වූ නැදුන්ගමුවේ රාජාගේ සිරුර සංරක්ෂණය කිරීමේ කටයුතු මේ වනවිට ජාතික කෞතුකාගාරය මගින් සිදුකරමින් පවතී.

සත්ත්ව සිරුරු සංරක්ෂණයේදී අනුගමනය කරන ජාත්‍යන්තර ප්‍රමිතීන්වලට අනුව එම කටයුතු සිදුවෙමින් පවති.

ආසියාවේ උසම හස්තියා වූ නැදුන්ගමුවේ රාජාගේ චර්මය ඉවත් කිරීම ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුවේ ස්වාභාවික ජෛව සත්ත්ව අස්ථි විද්‍යා අංශයේ චර්ම විශේෂඥයින් කණ්ඩායමක් විසින් වැලිවේරිය ප්‍රදේශයේදී සිදුකළේ හස්තියාගේ මරණයේ සිට දින 14ක කාලයක් තුළයි.

සත්ත්ව සිරුරු සංරක්ෂණයේදී අනුගමනය කරන ජාත්‍යන්තර ප්‍රමිතීන්වලට අනුව නැදුන්ගමුවේ රාජාගේ චර්මය සහ දළ යුගලය ඉවත් කිරීමට මෙම කණ්ඩායමට හැකි වූ අතර ඒ අනුව, හස්තියාගේ චර්මය පිටතට ගනු ලබන්නේ අවසානම අවස්ථාවේදී පමණයි.

2023 වසරේ අගෝස්තු මාසයේදී නැදුන්ගමුවේ රාජාගේ සිරුර සංරක්ෂණයට අදාළ කටයුතු ජාතික ස්වාභාවික විද්‍යා කෞතුකාගාර පරිශ්‍රයේදී ආරම්භ කෙරුණේ කෞතුකාගාර දෙපාර්තමේන්තුවට අයත් චර්ම ශිල්පී විශේෂඥයින් ඇතුළු සත්ව සිරුරු සංරක්ෂණය කරන ප්‍රවීණයින්ගේ දායකත්වය මතයි.

නැදුන්ගමුවේ රාජාගේ සංරක්ෂණ කටයුතු ලබන වසරේ ජූනි මාසයට පෙර අවසන් කිරීම මෙම සංරක්ෂකයින්ගේ අරමුණයි.

Share This