ශ්‍රී ලන්කන් ගන්න “ටාටා සමාගමෙන්” කුරුමානමක්

ශ්‍රී ලන්කන් ගන්න “ටාටා සමාගමෙන්” කුරුමානමක්

ශ්‍රී ලන්කන් ගුවන් සමාගම ඉන්දියාවේ “ටාටා සමාගම”ට පැවරීමට ආණ්ඩුවේ ප්‍රධානීන් අතර සාකච්ඡාවක් ඇති බවත් එම සාකච්ඡා ආරම්භක අවස්ථාවේ ඇති බවත් වරාය නාවික හා ගුවන්සේවා අමාත්‍යංශයේ උසස් නිලධාරියෙක් පැවසීය.

ඉන්දියාවේ දැවැන්තම ව්‍යාපාර සමූහයක් වන ටාටා සමාගම එයාර් ඉන්දියා සමාගම ඇතුළු ගුවන් සමාගම් කීපයක ව්‍යාපාර කටයුතු මේ වන විටත් පවත්වාගෙන යන බවත් එම සමාගම ද ශ්‍රී ලන්කන් ගුවන් සමාගම පිළිබඳව අවදානයෙන් පසු වන බවත් එම නිලධාරියා සඳහන් කළේය.

ශ්‍රී ලංකාවේ පාඩු ලබන ආයතන අතර ශ්‍රී ලන්කන් ගුවන් සමාගම ඉදිරියෙන්ම සිටින අතර එම සමාගම ප්‍රතිව්‍යුහගතකරණය කිරීමට රජය තීරණය කර තිබේ.

පසුගිය දිනවල ශ්‍රී ලංකන් ගුවන් සමාගම පවත්වාගෙන යාම සඳහා මෙරට රජ‍ය විසින් ආයෝජකයෙකු සෙවූ නමුත් එහි මූල්‍ය තත්ත්වය මත සැලකිය යුතු යෝජනා ඉදිරිපත් වී තිබුණේ නැහැ.

Share This