අපි ඔක්කොම අමාරුවේ වැටෙනවා ඕක හංගපන් – කළුතර සිසුවියගේ මරණයේ තවත් තොරතුරු එළියට

අපි ඔක්කොම අමාරුවේ වැටෙනවා ඕක හංගපන් – කළුතර සිසුවියගේ මරණයේ තවත් තොරතුරු එළියට

කළුතර තාවකාලික නවාතැන් පොලක පස්වන මහලින් බිමට ඇදවටී මියගිය 16 හැව්රිදි පාසල් සිසුවියගේ මරණය සම්බන්දයෙන් කාන්තාවක ඇතුළු තිදෙනෙකු අත්අඩංගුවටගෙන පාසල් සිසුවිය ලැගුම් හලට කැටුව පැමිණි මෝටර් රථය පොලිස් භාරයට ගත්බව කළුතර දකුණ පොලිසිය පවසයි.

මියගොස් ඇති පාසල් සිසුවිය සමග ලැගුම් හලට ගිය කළුතර සහ නාගොඩ ප්‍රදේශයේ පදිංචි අනෙක් යුවල සහ පැනගොස් සිටින ප්‍රධාන සැකකරුගේ රියදුරුවන බේරුවල වලතර ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු මෙසේ අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය කීය.

ප්‍රධාන සැකකරු ලැගුම් හලෙන් පලාගිය මෝටර් රථය කළුතර පලාතොට ප්‍රදේශයේ සගවා තිබියදී සොයාගෙන බේරුවල වලතර ප්‍රදේශයේ පදිංචි ඔහුගේ රියදුරුද අත්අඩංගුවට ගෙන තිබේ.

තරුණිය ඇදවැටීමෙන් පසු ලැගුම් හලෙන් පලාගිය සැකකරු බණ්ඩාරගම ගැලනිගම දක්ෂිණ අධිවේගී පිවිසුම අසලට ගමන්කර එහි මෝටර් දමා යාමෙන් පසු රථය රැගෙන පැමිණි ඇති බවට රියදුරුගේ ප්‍රකාශ වලින් තහවුරුව ඇති බව පොලිසිය කීය.

සිව්දෙනා ප්‍රධාන සැකකරුගේ මෝටර් රථයෙන් පස්වරු 6.20 ට පමණ කළුතර ලැගුම්හලට පැමිණ වායුසමනය කල සහ නොකළ වශයෙන් කාමර දෙකක් ලබගෙන ඇති බවත්, ඔවුන් සමග සිව්දෙනාම එකම කාමරයක මත්පැන් පානය කරමින් සිටින අයුරු හෝටල් සේවකයකුගේ ප්‍රකාශවලින් තහවුරුව ඇති බවත් පරීක්ෂණ සිදුකරන නිළධාරීයෙක් කීය.

හෝටලය තුල පැයකට ආසන්න කාලයක් රැදීසිටි අනෙක් යුවල හෝටලයෙන් පිටව ගොස් ඇති අතර ඉන්පසු ප්‍රධාන සැකකරු අනෙක් තරුණයාට පාසල් සිසුවිය පහළට ඇදවටුන බවත්, අපි ඔක්කොම අමාරුවේ වැටෙනවා ඕක හංගපන් යනුවෙන් උපදෙස් දී ඇති බවත් සදහන් වේ.

ඒ අනුව ඔවුන් දෙදෙනා මළසිරුර වැටී තිබුන ස්ථානයට මීටර් 600 ක් පමණ පාගමනින් ගොස් රේල්පාරේ තිබූ මළසිරුර අයිනකට ඇදදමා කළුතර දෙසට ගමන්කර ඇතැයිද පොලිසිය කීය.

නිරුවත් මළසිරුර රේල් පාරෙන් ඉවත්කරන අයුරු හෝටලයේ දෙවන මහලේ ආහර ගනිමින් සිටී කාන්තාවක දැක ඇති බවද පොලිසිය කීය.

කළුතර ශීක්ෂණ රෝහලේදී ඊයේ (07) පශ්චාත් මරණ විමර්ශනය සහකාර අධිකරණ වෛද්‍ය නිළධාරී ඩී.කේ. වෙනුරජිත් මහතා විසින් සිදුකර ඇති අතර , විමර්ශනය වෙමින් පවතින තීන්දුවක් බවට පත්කරමින් ශරීර කොටස් සහ රුධිර සාම්පල් රජයේ රස පරීක්ෂක සහ වෛද්‍ය පර්යේෂණ ආයතනය වෙත යොමුකර ඇත.

ශරීරය පරීක්ෂා කිරීමේදී දැරියගේ දකුණු පාදයේ සහ වම් පියයුරක දත් පහරවල් නිරීක්ෂණයවී ඇතැයිද සදහන් වේ.

ප්‍රධාන සැකකරු ගාල්ල , පානදුර සහ කළුතර ප්‍රදේශවල පදිංචි ව්‍යාපාරිකයකු බවත් විවාහකයකු වන ඔහු අත්අඩංගුවට ගැනිම සදහා පොලිස් කණ්ඩායම් කිහිපයක් යොදා ඇති බවත් සදහන් වේ.

අත්අඩංගුවටගත් සැකකරුවන් තිදෙනා කළුතර මහේස්ත්‍රාත් අධ්කරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 15 දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර ඇත.

Share This