මධ්‍යම පළාතේ සියළු ද්‍රවිඩ පාසල් වලට නිවාඩු දෙන්නැයි මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයාගෙන් උපදෙස්

මධ්‍යම පළාතේ සියළු ද්‍රවිඩ පාසල් වලට නිවාඩු දෙන්නැයි මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයාගෙන් උපදෙස්

මේ මස (12) දිනට යෙදෙන දිපවාලි උත්සව දින නිමිත්තෙන් (13) දින මධ්‍යම පළාතේ සියළුම ද්‍රවිඩ පාසල් වලට නිවාඩු ලබාදෙන ලෙස මධ්‍යම පළාත් ආණ්ඩුකාර නිතිඥ ලලිත් යු ගමගේ මහතා විසින් මධ්‍යම පළාත් අධ්‍යාපන අමාත්‍යංශ ලේකම් මේනක හේරත් මහතා වෙත (08) දින උපදෙස් ලබා දි ඇත.

මේ මස (12) දින දිපවාලි උත්සව දිනය සමරන බැවින් ඊට පසු දින පාසල් වලට ගුරුවරුන් සහ සිසු සිසුවියන් නොපැමිණෙන නිසා මධ්‍යම පළාතේ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකවරුන් විසින් ආණ්ඩුකාරවරයාගෙන් කල ඉල්ලිමක් මත (13) දින නිවාඩු ලබාදිමට තිරණය කර තිබේ .

(13) දින ලබාදෙන නිවාඩුව වෙනුවෙන් සති අන්තයේ නිවාඩු දිනයක ඒ සදහා පාසල් පැවැත්විය යුතු බවද ආණ්ඩුකාරවරයා විසින් උපදෙස් ලබා දි ඇත.

Share This