මහරගම, පන්නිපිටිය ගණිකා නිවාස දෙකක් වටලා කාන්තාවන් 8ක් අත්අඩංගුවට

මහරගම, පන්නිපිටිය ගණිකා නිවාස දෙකක් වටලා කාන්තාවන් 8ක් අත්අඩංගුවට

ආයුර්වේද සම්භාහන මධ්‍යස්ථානයක් පවත්වාගෙන යන මුවාවෙන් කාන්තාවන් මුදලට අලෙවි කිරීමේ ජාවාරමක් පවත්වාගෙන ගිය ස්ථාන දෙකක් මහරගම පොලිසිය විසින් වටලා තිබෙනවා.

මෙහිදී කළමණාකරුවන් දෙදෙනෙකු සමඟ ගණිකා සේවය සැපයීමට සිටි කාන්තාවන් අටදෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ .

මෙලෙස අත්අඩංගුවට ගැනුණු කාන්තාවන් අම්පාර, ඉංගිරිය, රත්නපුර, දමන, නිවිතිගල සහ නාවලපිටිය යන ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු 25ත් 50ත් අතර වයසේ පසුවන තැනැත්තියන් බව සඳහන්.

මහරගම, වත්තේගෙදර හා පන්නිපිටිය, දෙපානම යන ප්‍රදේශවල පිහිටි මධ්‍යස්ථාන දෙකක කාන්තාවන් ගණිකා සේවය සඳහා අලෙවි කරන බවට ලද තොරතුරක් මත මෙම වැටලීම සිදුකර තිබෙනවා.

මෙම ස්ථානවල දී එක් කාන්තාවක් පැයක කාලයක් වෙනුවෙන් රුපියල් 4000 සිට 8000 දක්වා මුදලක් අයකරගෙන ගණිකා සේවය සපයා ඇති බවයි අනවරණය වී ඇත්තේ.

අත්අඩංගුවට ගත් පිරිස අද (03) නුගේගොඩ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

Share This