හමාස් ප්‍රහාරයෙන් මියගිය සුජිත් යටවරගේ දේහය ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට

හමාස් ප්‍රහාරයෙන් මියගිය සුජිත් යටවරගේ දේහය ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට

ඊශ්‍රායලයේ සේවයේ නිරතව සිටිය දී හමාස් ප්‍රහාරයෙන් ඝාතනයට ලක් වූ සුජිත් යටවර බණ්ඩාරගේ දේහය ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වෙත භාර දී තිබෙනවා.

ඊශ්‍රායල ආරක්ෂක අංශ විසින් අද (07) එම දේහය මෙලෙස භාර දී ඇති බවයි වාර්තා වන්නේ.

පසුගිය ඔක්තෝබර් 07 වන දින එල්ල වූ හමාස් ප්‍රහාරයෙන් ප්‍රාණ ඇපකරුවකු ලෙස රැගෙන ගොස් ඇති බවට සැක කළ සුජිත් බණ්ඩාර යටවර මිය ගොස් ඇති බවට පසුගිය දා තහවුරු කරගනු ලැබුවා.

හඳුනා නොගත් මළ සිරුරක් හා ඔහුගේ දරුවන්ගේ ඩී.එන්.ඒ සාම්පල පරීක්ෂා කිරීමක් ඔස්සේ ඒ බව තහවුරු වූ බවයි ඊශ්‍රායල් පොලිසියේ ඉන්ටර්පෝල් ශාඛාව දන්වා තිබුණේ.

අදට මාස 07කට පෙර හමාස් සංවිධානය එල්ල කළ ප්‍රහාරවලින් ඊශ්‍රායලයේ සේවයේ නිරතව සිටි ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙක් අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත් වුණා.

Share This