ගාසා තීරය දරුවන්ගේ සුසාන භූමියක් වෙලා

ගාසා තීරය දරුවන්ගේ සුසාන භූමියක් වෙලා

ඊශ්‍රායල – ගාසා යුද ගැටුම් ආරම්භ වී මසක කාලයක් තුළ ගාසා තීරය මේ වන විට දරුවන්ගේ සුසාන භූමියක් බවට පත්ව ඇති බව එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇන්ටෝනියෝ ගුටරේස් පවසයි.

යුද්ධයේ වැඩි බලපෑමට ලක්ව ඇත්තේ ළමයින්වන බැවින්, වහාම සටන් විරාමයකට එළඹිය යුතු බව යළි යළිත් ඔහු අවධාරණය කරයි.

ගාසා තීරයේ වත්මන් තත්වය මානුෂීය අර්බුදයකට වඩා එය මනුෂ්‍යත්වයේ අර්බුදයක් බව මහ ලේකම්වරයා වැඩිදුරටත් පෙන්වා දී තිබේ.

ඉකුත් ඔක්තෝබර් 7 වැනිදා සිට ගාසා තීරයේ යුද ගැටුම් ආරම්භ වූ දා සිට මේ දක්වා මිය ගිය පුද්ගලයින් ගණන 10,022 ඉක්මවා ගොස් ඇත. ඉන් 4,104 ක් දරුවන් බව හමාස් පාලන සෞඛ්‍ය අමාත්‍යාංශය පවසා තිබේ.

ඊශ්‍රායල ගුවන් ප්‍රහාර උත්සන්න වීමත් සමග එක්සත් ජාතීන්ගේ නියෝජිත ආයතනය විසින් ගාසා තීරයේ සිවිල් වැසියන් ඝාතනය කිරීම බිහිසුනු ක්‍රියාවක් ලෙස පෙන්වා දෙයි.

Share This