web hit counter
අතුරු තහනම් නියෝගයත් සමග අර්ජුන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් පිටව යයි

අතුරු තහනම් නියෝගයත් සමග අර්ජුන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් පිටව යයි

ක්‍රීඩා අමාත්‍යවරයා විසින් පත්කළ අතුරු පාලක කමිටුව සහ ඊට අදාළ ගැසට් නිවේදනය ක්‍රියාත්මක වීම වළක්වාලමින් අභියාචනාධිකරණය අද (07) අතුරු තහනම් නියෝගයක් නිකුත් කිරීමත් සමඟ ක්‍රිකට් අතුරු පාලක කමිටුවේ සභාපතිවරයා ලෙස අලුතින් පත් කළ අර්ජුන රණතුංග ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් පිටව ගොස් තිබේ.

ඔහු ක්‍රිකට් ආයතනයෙන් පිටව යාමට පෙර අද (07) පෙරවරුවේ හිටපු අමාත්‍යවරයෙකු වන නවීන් දිසානායක මහතා සමඟ සකච්ඡාවක් ද පවත්වා තිබේ.

අලුතින් පත්කළ ක්‍රිකට් අතුරු පාලක කමිටුවේ සභාපතිවරයාට සුබ පැතීම වෙනුවෙන් නවීන් දිසානායක අද දිනයේ මෙලෙස ක්‍රිකට් ආයතනයට පැමිණ ඇති බවයි වාර්තා වුණේ.

Share This

COMMENTS

Wordpress (0)
Disqus (0 )