හෙට දුම්රිය වර්ජනයක්

හෙට දුම්රිය වර්ජනයක්

ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් දුම්රිය රියදුරන්ගේ සංගමය හෙට (12) වර්ජනයක නිරත වීමට තීරණය කර තිබේ.

ඒ අනුව, දුම්රිය පාලනාධිකාරිය වෙත මෙම වර්ජනය සම්බන්ධයෙන් දැනුම් දෙන බවයි, දුම්රිය රියදුරන්ගේ සංගමය ප්‍රකාශ කළේ.

වසර 5 කට ආසන්න කාලයක් ප්‍රමාද කර ඇති ශ්‍රේණි උසස්වීම් කඩිනම් කරන ලෙසට දීර්ඝ කාලයක සිට ඉල්ලා සිටියද ඊට යහපත් ප්‍රතිචාරයක් නොදැක්වීම හේතුවෙන් මෙම වර්ජනය ක්‍රියාත්මක කරන බවයි, එම සංගමය සඳහන් කළේ.