ඉංජිනේරු සංස්ථාවේ හිටපු සේවකයින් වන්දි ඉල්ලා විරෝධතාවක

ඉංජිනේරු සංස්ථාවේ හිටපු සේවකයින් වන්දි ඉල්ලා විරෝධතාවක

රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ සේවයෙන් ස්වෙච්ඡා වන්දි ක්‍රමය යටතේ විශ්‍රාම ලැබූ සේවකයන්ගේ එකමුතුව ඉල්ලීම් කීපයක් මුල්කරගනිමින් කොළඹ 2 පිහිටි එම සංස්ථා මූලස්ථානය ඉදිරිපිටදී අද (27) පෙරවරුවේ විරෝධතාවක් පැවැත්වීය.

අර්ථසාධක අරමුදල් හිඟ මුදල් සහ ජීවන වියදම් හිඟ මුදල් වාහාම ගෙවන ලෙස ඉල්ලා එහිදී සේවකයෝ විරෝධය දැක්වූහ.

උද්ඝෝෂණයට පෙර විරෝධතාකරුවන් ඉංජිනේරු සංස්ථාවේ සභාපතිවරයා සමඟ සාකච්ඡාවකට යෑමට සැරසීමේදී ඉංජිනේරු සංස්ථාවේ ආරක්ෂක අංශය අතර උණුසුම් තත්ත්වයක් ඇතිව තිබේ.

ඉන් පසුව ඔවුන් ඉංජිනේරු සංස්ථාවේ ඉදිරිපිට පැමිණ උද්ඝෝෂණයේ නියැලීමට කටයුතු කළහ.