ශ්‍රී ලන්කන් ගුවන් ගමන් වාර 6ක් අදත් අවලංගුයි

ශ්‍රී ලන්කන් ගුවන් ගමන් වාර 6ක් අදත් අවලංගුයි

ශ්‍රී ලංකා එයාර් ලයින් සමාගම අද (27) ගුවන් ගමන් වාර 06ක් අවලංගු කර තිබෙනවා.

ඒ අනුව අද අලුයම 1.10ට ඉන්දියාවේ බැංගලෝර් දක්වා පියාසර කිරීමට නියමිතව තිබූ UL 173 ගුවන් යානය හා අලුයම 1.15ට බැංකොක් දක්වා පියාසර කිරීමට නියමිතව තිබූ UL 402 දරණ ගුවන් යානය අවලංගු කෙරුණා.

මීට අමතරව අද පස්වරු 1.45ට චෙන්නායි දක්වා පියාසර කිරීමට නියමිත UL 127 දරණ ගුවන් යානයත්, පස්වරු 5.10ට මුම්බායි දක්වා පියාසර කිරීමට නියමිත UL 143 ගුවන් යානයත්, පස්වරු 6.30ට දමාම් දක්වා පියාසර කිරීමට නියමිත UL 263 දරණ ගුවන් යානයත්, පස්වරු 6.50ට අබුඩාබි බලා පියාසර කිරීමට නියමිත UL 207 ගුවන් යානයත් අවලංගු කෙරුණු බවයි ගුවන් තොටුපොළ ආරංචි මාර්ග පැවසුවේ.

ශ්‍රී ලංකා ගුවන් යානාවල පසුගියදා සිදුවූ ප්‍රමාදය එම සමාගමේ පරිපාලනය බිඳ වැටීමක් නිසා සිදු වූවක් බව වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ප්‍රකාශ කර සිටියා.