රන් මිල සීඝ්‍රයෙන් ඉහළට

රන් මිල සීඝ්‍රයෙන් ඉහළට

ලෝක වෙළෙඳපොළේ රන් මිල ඉතිහාසයේ ඉහළම අගය වාර්තා කර තිබෙන බව වාර්තා වෙයි.

රන් අවුන්සකයක මිල අමෙරිකානු ඩොලර් 2,111 දක්වා ඉහළගොස් තිබූ අතර පසුව එය අවුන්සයක් ඩොලර් 2030ත් 2070ත් අතර මිලකට අඩුවී තිබුණි.

අමෙරිකානු ඩොලරය දුර්වලවීම සහ ලබන වසරේදී අමෙරිකානු පොලී අනුපාත කප්පාදු කිරීමක් අපේක්ෂා කිරීම මෙලෙස රන් මිල ඉහළයාමට ප්‍රධාන හේතුවයි.

මේ අතර, පසුගිය සතියට සාපේක්ෂව අද (05) දිනයේ මෙරට රන් මිලෙහි තරමක අඩුවීමක් දක්නට ලැබෙන බව රන් භාණ්ඩ අලෙවිකරුවන් පවසයි.

ඒ අනුව, අද රන් මිල සටහන පහතින්,

රන් අවුන්සය – රු.668,631.00

කැරට් 24 ග්‍රෑම් 1 – රු.23,590.00

කැරට් 24 ග්‍රෑම් 8 (පවුම් 1) – රු.188,700.00

කැරට් 22 ග්‍රෑම් 1 – රු.21,630.00

කැරට් 22 ග්‍රෑම් 8 (පවුම් 1) – රු.173,000.00

කැරට් 21 ග්‍රෑම් 1 – රු.20,650.00

කැරට් 21 ග්‍රෑම් 8 (පවුම්1) – රු.165,150.00