ඇෆ්ගන් – පාකිස්තාන පළමු එක්දින සටන අද හම්බන්තොටදී

ඇෆ්ගන් – පාකිස්තාන පළමු එක්දින සටන අද හම්බන්තොටදී

පාකිස්තානය සහ ඇෆ්ගනිස්ථානය අතර පළමු එක්දින තරගය අද(22) හම්බන්තොටදී ආරම්භ වේ.

දෙරට අතර එක්දින තරග තුනක් පැවැත්වීමට නියමිත අතර අද තරගය ශ්‍රී ලංකාවේ වේලාවෙන් සවස 2.30ට ආරම්භ කෙරේ.

පළමු තරග 2 හම්බන්තොටදී පැවැත්වෙන අතර තෙවන සහ අවසන් තරගය කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වෙයි.

මෙම තරග තුනම ප්‍රේක්ෂකයින්ට ක්‍රීඩාංගණයට ගොස් නොමිලේ නැරඹීමට අවස්ථාව හිමිවන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.

Share This