සමස්ත ලංකා හෙද සංගමය සෞඛ්‍ය අමාත්‍යංශය වටලයි

සමස්ත ලංකා හෙද සංගමය සෞඛ්‍ය අමාත්‍යංශය වටලයි

සමස්ත ලංකා හෙද සංගමය ඉල්ලීම් කීපයක් මුල් කර ගනිමින් සෞඛ්‍ය අමාත්‍යංශය ඉදිරිපිට අද (14) උද්ඝෝෂණයක් පැවැත්වීය.

නිදිවර්ජිත, ප්‍රවාහන හා අනතුරු දීමනා වාහා ලබාදෙනු සහ සොච්චම් නිල ඇඳුම් දීමනාව වැඩි කරනු යන ඉල්ලීම් මෙහිදී ප්‍රධාන විය.

එම විරෝධතාවයට රටපුරා රෝහල් වලින් හෙද නිලධාරීන් පැමිණ සිටි අතර ඔවුහූ දැනට රෝහල් වල ක්‍රියාත්මක වන වැඩවර්ජනයෙන් ඉවත්ව සිටිති.

Share This