ඩීසල් මිළ අඩු උනත් බස් ගාස්තුවේ වෙනසක් නෑ

ඩීසල් මිළ අඩු උනත් බස් ගාස්තුවේ වෙනසක් නෑ

ඊයේ (30) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරදි සියලු ඉන්ධන මිල ගණන් අඩු කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගෙන තිබේ.

ඒ, අනුව ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මකවන පරිදි සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 30.00කින් සහ සුපර් ඩීසල් ලීටරයක මිල රුපියල් 9.00කින් පහළ දමනු ලැබීය .

ඩීසල් මිළ අඩු උනත් බස් ගාස්තු පහළ දැමීමක් සිදු කළ නොහැකි බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසයි.

අද (01) පෙරවරුවේ මාධ්‍ය හමුවක් පවත්වමින් සභාපති ගැමුණු විජේරත්න මේ බව සඳහන් කර සිටියා.

මෙහිදී ඔහු වැඩිදුරටත් සඳහන් කළේ පසුගිය මාස 02ක කාලය තුළ රුපියල් 27ක පාඩුවක් යටතේ බස් ධාවනය කිරීමට සිදු වූ බවයි.

එවැනි අඩු කිරීමක් කළ හැක්කේ ජූලි මාසයේදී බවයි, ගැමුණු විජේරත්න මහතා වැඩි දුරටත් පැවසුවේ.

Share This