ඇෆ්ගන් – ශ්‍රී ලංකා විස්සයි 20 තරඟාවලියේ ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම ගැන දැනුම් දීමක්

ඇෆ්ගන් – ශ්‍රී ලංකා විස්සයි 20 තරඟාවලියේ ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම ගැන දැනුම් දීමක්

ඇෆ්ගනිස්ථානයේ ශ්‍රී ලංකා සංචාරයේ විස්සයි 20 තරගාවලිය සඳහා ප්‍රවේශපත්‍ර අලෙවි කිරීම පිළිබඳ නිවේදනයක් ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනය විසින් නිකුත් කර තිබේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසන පරිදි විස්සයි 20 තරඟාවලිය සඳහා තරඟ ප්‍රවේශපත්‍ර www.srilankacricket.lk හරහා අන්තර්ජාලය ඔස්සේ මිලදී ගත හැකිය.

පෙරවරු 09 සිට පස්වරු 05 දක්වා විද්‍යා මාවත කොළඹ, තරග නොපැවැත්වෙන දිනවල දී රන්ගිරි දඹුළු ක්‍රීඩාංගනය, තරග දිනවල දී දඹුල්ල දිසාපති කාර්යාලය විශේෂ කවුන්ටර වලින් ප්‍රවේශපත්‍ර මිලදී ගත හැකි බව ශ්‍රී ලංකා ක්‍රිකට් නිවේදනය කරයි.