කළා වැවේ හදිසි වාන් දොරටු දෙක යළීත් විවෘත කෙරේ

කළා වැවේ හදිසි වාන් දොරටු දෙක යළීත් විවෘත කෙරේ

කලාවැව හදිසි වාන් දොරටු දෙක යළීත් විවෘත කිරීමට කලාවැව ජලාශ භාර කාර්යාලය පියවර ගෙන තිබේ.

කලාවැව ආශ්‍රිත ජල පෝෂක ප්‍රෙද්ශවලට පතිතවන වර්ෂාව හේතුවෙන් කලාවැව ජල මට්ටම නැවත ඉහළ යාම නිසා මෙලෙස එම වාන් දොරටු නැවත විවෘත කිරීමට සිදුවූ බව කලාවැව ජලාශ කාර්යාලය පවසයි.

ඒ අනුව අද (10) උදෑසන 8.30 වනවිට කලාවැව හදිසි වාන් දොරටු දෙක එකක් අඩි 10 බැගින් විවෘත කිරීමට කලාවැව ජලාශ කාර්යාලය පියවර ගෙන තිබේ.

ඒ අනුව එමගින් ත්ත්පරයට ඝන අඩි 9817ක ජල ප්‍රමාණයක් කලාඔයට මුදා හැරේ. කලාවැව ජලපෝෂක ප්‍රදේශ ඔස්සේ මේ වනවිට තත්පරයට ඝන අඩි 9395ක ජල ප්‍රමාණයක් තව දුරටත් කලාවැවට එක්වෙමින් පවති.

මේ වනවිට කලාවැවේ සමස්ථ ජල ධාරිතාවය අක්කර අඩි 87097ක්ව පවතින අතර ගෙවුනු පැය 24 තුළ කලාවැව ප්‍රෙද්ශයට මීලි මීටර් 31ක වර්ෂාවක් ද ලැබී තිබිණ.