සංවිධානාත්මක අපරාධකරුවෙකු STF වෙඩි පහරින් මරුට

සංවිධානාත්මක අපරාධකරුවෙකු STF වෙඩි පහරින් මරුට

මහබාගේ ප්‍රදේශයේ මස් කඩ හිමියෙකු ඝාතනය කිරීමේ සිදුවීමට හා තවත් මිනිස් ඝාතන දෙකකට සම්බන්ධව අවශ්‍යව සිටි සංවිධානාත්මක අපරාධකරුවෙකු සූරියවැව ප්‍රදේශයේ දී පොලිස් විශේෂ කාර්යය බළකාය සමග සිදුවූ වෙඩි හුවමාරුවකදි මියගොස් තිබේ.

මෙලෙස මියගොස් ඇත්තේ, වලස්මුල්ල ප්‍රදේශයේ පදිංචි 44 හැවිරිදි අම්බලගේ නුවන් ලක්ෂිත නමැති අයෙකි.

මෙම වෙඩි හුවමාරුවෙන් තුවාල ලැබූ පොලිස් විශේෂ කාර්ය බලකායේ නිළධාරියෙකු ප්‍රතිකාර සදහා සුරියවැව රෝහලට ඇතුළත් කර තිබේ.

මෙම සැකකරුට පසුගිය අගෝස්තු 8 වන දින වැල්ලම්පිටිය, කිත්තම්පහුම ප්‍රදේශයේ දී පුද්ගලයෙකුට වෙඩිතැබීම, ජුනි 17 වනදා මීටියාගොඩ, සීනිගම දේවාලය අසල විදුර නැමති සංවිධානාත්මක අපරාධකරුගේ මස්සිනා වන දුලාජ් යන අයට කොස්ගොඩ සුජී නැමැති සංවිධානාත්මක අපරාධකරුගේ මෙහෙයවීමෙන් වෙඩිතබා ඝාතනය කිරීමට තැත් කිරීම යන සිද්ධි සම්බන්ධයෙන් ද චෝදනා එල්ල වී තිබේ.

සැකකරු සන්තකයේ තිබී රිවෝලර් වර්ගයේ ගිනිඅවියක් සහ යතුරුපැදියක්ද අත්අඩංගුවට ගෙන ඇත.